CEYLONAYUR.COM

ඖෂධ, ග්‍රන්ථ සහ ආයුර්වේද අධ්‍යයනය

පහසුවෙන් ඖෂධ සහ වට්ටෝරු පරිශීලනය කිරීම, පර්යාය නාම නිවැරදිව හඳුනාගැනීම සහ සංස්කෘත ශබ්දකෝෂ / ආයුර්වේද මූලග්‍රන්ථ පරිශීලනය, සංස්කෘත - සිංහල අක්ෂර පරිවර්තන ආදී පහසුකම් CEYLONAYUR.COM මගින් ලබාගත හැකි වේ.
Kashaya Tharangani Book Cover
Bhaisajya Tharangani Book Cover
Nighantu Tharangani Book Cover
Android Apps
ග්‍රන්ථ විස්තර

කෂාය තරංගණී

ඖෂධ වට්ටෝරු ඇතුලත් කෂාය තරංගණී අත් පොත ආයුර්වේද වෛද්‍යවරුන්ගේ චිකිත්සා කර්මය තව දුරටත් පහසු කිරීම සඳහා ඉදිරිපත් කරන්නකි. සිංහල අකාරාදියට අනුව පෙළගැස්වූ කෂාය වට්ටෝරු සහ ග්‍රන්ථ අවසානයේ දක්වා ඇති රෝග සූචිය මගින් ඉතා පහසුවෙන් තමාට අවශ්‍ය වන ඖෂධ සොයාගත හැකි බැවින් අත් පොතක් ලෙස නිතර වෛද්‍යවරුන් සමීපයේ තබාගතයුතු ග්‍රන්ථයක් ලෙස මෙය දැක්විය හැක. මෙහි අවසානයේ දක්වා ඇති රෝගයන්ට අනුව කෂාය අනුක්‍රමණිකාවට ඇතුලත්කර ඇත්තේ ඒ ඒ වට්ටෝරුවල ගුණ පාඨයන්හි ඇතුලත් රෝග අවස්ථාවන් පමණක් වන අතර වෛද්‍යවරුන්ගේ අත්දැකීම් අනුව ඒවා විවිධ රෝග සඳහා යෙදිය හැකි වේ.

භෛෂජ්‍ය තරංගණී

භෛෂජ්‍ය තරංගණී නම් වූ මෙම ග්‍රන්ථයේ වෛද්‍යවරුන් විසින් නිතර භාවිතා කරන ගුලි, කල්ක, අරිෂ්ඨ, ආසව, තෛල ආදිය භාවිතා වන රෝග අවස්ථාව අනුව වර්ග කර ඇත. ග්‍රන්ථ අවසානයේ දැක්වෙන සූචිය මගින් ඉතා පහසුවෙන් තමාට අවශ්‍ය වන ඖෂධය සොයාගත හැක් බැවින් මෙයද අත් පොතක් ලෙස නිතර වෛද්‍යවරු සමීපයේ තබාගතයුතු ග්‍රන්ථයක් ලෙස දැක්විය හැක. එක් එක් ඖෂධයන්ගේ අඩංගු ද්‍රව්‍ය ද මේ සඳහා ඇතුලත් කිරීමට උත්සාහ කලද ග්‍රන්ථය ඉතා විශාල වීම හේතුවෙන් එසේ කල නොහැකි විය. මෙහිදී ඖෂධ හා රෝග වර්ග කිරීම සඳහා මූලිකවම භාවිතා කරන ලද්දේ ආයුර්වේද ඖෂධ සංග්‍රහය යි. ඖෂධ වර්ග කිහිපයක් සඳහා පමණක් වටිකාප්‍රකරණයද උපයෝගී කර ගන්නා ලදී. දෙවන සංස්කරණය සඳහා බහුලව භාවිත වන තැවිලි, මැල්ලුම්, පත්තු සහ දේශීය ගුලි කල්ක අනුපානද ඇතුලත් කර ලදී.

නිඝණ්ටු තරංගණී

වට්ටෝරු වල දැක්වෙන විවිධ පර්යාය නාමයන්ගෙන් කියවෙන නිවැරදි ද්‍රව්‍යයන් සොයාගැනීම යනු ආයුර්වේද වෛද්‍යවරුන් සහ ශිෂ්‍යයන් නිතර අපහසුතාවයට පත්වන අවස්ථාවක් ලෙස දැක්විය හැකිය. එබැවින් ආයුර්වේද ක්ෂේත්‍රයට අඩුවක්ව පවතින විවිධ පර්යාය නාමයන්ගෙන් නිරූපණය වන ද්‍රව්‍ය නාමාවලියක් සැකසීමට අප තීරණය කලෙමු. එහි ප්‍රතිඵලයක් ලෙස ඉතා කෙටි කලකින් විවිධ පර්යාය නාම දොළොස්දහසකට අධික ප්‍රමාණයක් සහ ඒවායින් කියවෙන ද්‍රව්‍ය නාමයත්, සිංහල සහ විද්‍යාත්මක නාමයත් ඇතුලත් සූචියක් සහ විවිධ ඖෂධ එක්දහස් එකසීයකට අධික ප්‍රමාණයක ගුණ පාඨ ද ඇතුලත්ව නිඝණ්ටු තරංගණී නම් මෙම ග්‍රන්ථය එළි දැක්වීමට හැකි විය. වෛද්‍යවරුන්ගේ සහ වෛද්‍ය ශිෂ්‍යයන්ගේ පහසුව උදෙසා මෙහි අවසානයේ සියළු පර්යාය නාම මෙන්ම විද්‍යාත්මක නාමයන්ද අකාරාදියට අනුව පෙල ගස්වා ඇත.

ඔබට පොත් CASH ON DELIVERY ක්‍රමයට ගෙන්වාගැනීමට අවශ්‍යද?

පහත බොත්තම ඔබා ඔබේ ඇණවුම ආරම්භ කරන්න.